ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 191ක දැවැන්ත ජයක් ලබමින් අවුරුදු 19 පහළ ආසියානු ක්‍රිකට් ශූරයන් වන්නට පාකිස්තානය අද සමත් වුණා.
ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් කෙලිබිම තතු
ඩුබායි හි පැවති අවසන් තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.
නමුත් එම තීරණය එතරම් ඥානාන්විත නොවුණේ පාකිස්තානය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 347ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම හේතුවෙන්.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සමීර් මින්හාස් ලකුණු 172ක් ලබා ගත්තා.
එය යොවුන් ආසියානු කුසලාන අවසන් තරගයක ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.
මෙම තරගාවලිය තුළ ඔහු ලකුණු 150 සීමාව පසුකළ දෙවැනි අවස්ථාව මෙයයි
ජයග්‍රහණය හඹා ගිය ඉන්දීය ඉනිම ලකුණු 156කට සීමා කෙරුණා.
ඒ අනුව ඉන්දියාව ලකුණු 191කින් පරාජය කළ පාකිස්තානය ආසියානු යොවුන් ශූරයන් ලෙස අභිෂේක ලැබුවා.





