අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි අදියර අද ආරම්භ වනවා.
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ සියලු තරග සමීප කරන්නේ ටීවී සුප්‍රිම් විසිනුයි.
ලොව ක්‍රිකට් ක්‍රීඩාකරන ප්රබලතම රටවල තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නැගී එන කණ්ඩායම්වල ක්‍රීඩකයින් සති තුනක් පුරා එකිනෙකාට එරෙහිව තරඟ වදින තරගාවලිය පිළිබඳ විමසා බැලීමක් මේ.
සිම්බාබ්වේ සහ නැමීබියාව මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සම සත්කාරකත්වය දරන අතර එය සුපුරුදු පරිදි පන්දු වාර 50 ආකෘතියෙන් පැවැත්වෙනවා.
ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අද බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජයේදී තරඟාවලිය ආරම්භ කරන අතර සත්කාරක සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය හරාරේ හිදී තරග වදිනු ඇති.
කුලුඳුල් ලෝක කුසලාන තරගාවලියට එක්වන ටැන්සානියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය පැවැත්වෙන්නේ නැමීබියාවේ වින්ඩ්හුක් හිදී.
කණ්ඩායම් අදියරට දින දහයක් පුරා පැවැත්වෙන තරඟ 24 ක් ඇතුළත්.
පිළිමළුන් පිටුදැකීමේ තරඟ ඇතුළුව සියලුම තරඟ සිම්බාබ්වේ හා නැමීබියාවේ වේලාවෙන් පෙ.ව. 9.30 ට, ශ්‍රී ලංකා වේලාවෙන් නම් පස්වරු 1ට ආරම්භ වනවා.
සිම්බාබ්වේ හි තරඟ බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජය, හරාරේ ක්‍රීඩා සමාජය සහ හරාරේ ටකාෂිංගා ක්‍රීඩා සමාජය යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනවා.
නැමීබියාවේ, තරඟ නව නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙන්ම වින්ඩ්හුක් හි පිහිටි HP ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් දෙකේදීම කණ්ඩායම් අදියරේ තරඟ 12 බැගින් පැවැත්වීමට නියමිතයි.
ඊළඟ අදියර වන සුපර් සික්ස් සහ සුපර් සික්ස්වලට ඇතුළත් නොවන කණ්ඩායම් අතර ප්ලේ-ඕෆ් තරඟ, සිම්බාබ්වේ සහ නැමීබියාව අතර පැවැත්වෙන නමුත්, පිළිමළුන් පිටුදැකීමේ තරඟ සියල්ල පැවැත්වෙන්නේ සිම්බාබ්වේහිදී.
ක්වීන්ස් ක්‍රීඩා සමාජය සහ හරාරේ ක්‍රීඩා සමාජය පිළිවෙලින් පෙබරවාරි 3 සහ 4 යන දිනවල අවසන් පූර්ව තරඟ සඳහා සත්කාරකත්වය දරනු ඇති අතර, අවසන් තරඟය පෙබරවාරි 6 වන දින හරාරේහිදී පැවැත්වෙනවා.
පසුගිය තරගාවලියේ හොඳම කණ්ඩායම් දහය ලෙස ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පකිස්ථානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් මෙවර අදියර සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගත්තා.
සිම්බාබ්වේ සත්කාරකයන් ලෙස තරගාවලියට සුදුසුකම් ලැබුව ද , නැමීබියාවට සම-සත්කාරකයන් වුවද සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.
සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ විශ්මයජනක ජයග්‍රහණය ටැන්සානියාවයි.
ඔවුන් අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරඟවලදී මුහුණදුන් තරඟ පහම ජයග්‍රහණය කර 19 පහළ ලෝක කුසලානයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා.
මීට පෙර ජ්‍යේෂ්ඨ ලෝක කුසලාන තරගාවලියක් එක්වරක් හෝ නියෝජනය කළ නැමීබියාව සහ කෙන්යාව මෙන්ම ජ්‍යෙෂ්ඨ මට්ටමින් ඔවුන්ට වඩා ඉහළ ශ්‍රේණිගත කිරීම් ලබා ඇති නයිජීරියාව සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී ටැන්සානියාව හමුවේ පරාජය වුණා.
මෙය ගෝලීය තරඟාවලියක ටැන්සානියාවේ පළමු නියෝජනයයි.
නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරඟ ජයග්‍රහණය කළ නැගී එන කණ්ඩායමක් වන ජපානය ද මෙවර තරගාවලියට එක්වන අතර ඔවුන්ගේ දෙවැනි 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය මෙය වනවා.
ඇෆ්ගනිස්ථානය ආසියානු සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ජයගත්තේ සත්කාරක නේපාලය පරාජය කරමින් වන අතර ස්කොට්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය පිළිවෙලින් යුරෝපය සහ ඇමරිකාවේ සුදුසුකම් ලැබීමේ තරඟ ජයග්‍රහණය කළා.
ඒ අනුව තරඟාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර ඔවුන් කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ හතරකට බෙදා තිබෙනවා.
සෑම කාණ්ඩයකම තරඟ හයක්, පැවැත්වෙන අතර එහිදී සෑම රටක්ම එකිනෙකා සමඟ එක් වරක් ක්‍රීඩා කරනවා.
සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබන්නේ සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් තුනයි.
සෑම සුපර් සික්ස් කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති.





