147 වැනි නිල් මහ සටන මාර්තු 12,13,14 යන තෙදින තුල

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන වෙන 147 වැනි නිල් මහ සටන මාර්තු 12,13,14 යන තෙදින තුල පැවැත්වීමට නියමිත ව තිබෙනවා.
ඒ් පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ පැරණිම පාඨශාලාන්තර මහා ක්‍රිකට් තරගය ලෙස සැලකෙන රාජකීය ශාන්ත තෝමස් 147 වන නිල්මහ සටන පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹදී පැවැත්වුණා.
ඒ් අනුව මෙවර නිල් මහා සටන මාර්තු මස 12,13,14 තෙදින තුල කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
147වන මහ සටනේ දී රාජකීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෙහාන් පිරීස් වෙත පැවරී ඇති අතර, ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ අවිනාශ් ප්‍රනාන්දු විසින්.
නිල් මහ සටනට සමගාමීව දෙවිදුහල් අතර පැවැත්වෙන 49 වැනි වාර්ෂික එක්දින තරගය මාර්තු මස 28 වැනිදා කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන්නේ එම ක්‍රීඩාංගනයේ පළමු දිවා රාත්‍රී පාසල් ක්‍රිකට් තරගය ලෙසයි.
මෙහිදී නිල් මහ සටනේදී ශුරයින්ට පිරිනමන කුසලානයද එළි දක්වනු ලැබුවා.

Share