05 දෙනෙකුට දිවි අහිමිකළ ගුවන් අනතුරක්

මෙක්සිකෝවට අයත් වෛද්‍ය සේවා ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් හි ගැල්වෙස්ටන්ස් ආසන්නයේදී කඩා වැටී තිබෙනවා.
අනතුරට ලක්වන විට යානයේ මගීන් 8 දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් සිවු දෙනෙක් සිවිල් වැසියන් වූ අතර අනෙක් සිවු දෙනා මෙක්සිකෝ නාවික හමුදාවට අයත් සාමාජිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරෙන් පස්දෙනෙක් මියගොස් ඇති අතර ඒ අතර දෙහැවිරිදි දැරියක් ද වනවා.
යානයේ සිටි දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදාගැණුනා.

Share