මැදපෙරදිග යුද්ධයේ මෑත කාලීන විශාලතම උත්සන්න වීම සටහන් තබමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම වෙනුවෙන් ලබාදුන් අවසන් හෝරාව අද රාත්‍රියේදී ඉරනයට උදාවනවා.
ගිවිසුමකට පැමිණීමට ඉරානය අපොහොසත් වන්නේ නම් ඉරානය එක රැයකින් අතුරුදන් කළ හැකි බවට ට්‍රම්ප් තර්ජනය කර ඇතත් ඉරානය ඊට අවනත වන බවක් මේ වනතෙක් දක්නට නැහැ.
මේ අතර ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි ඉලක්ක කරගනිම් ඔහු රැඳී සිටින බවට සැලකෙන කොම් නගරයට අද දැවැන්ත ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල කෙරුණා.
එක්සත් ජනපදයට එක් රැයකින් ඉරානය අතුරුදහන් කළ හැකි බවටත් ඒ් රැය අඟහරුවාදා රැය විය හැකි බවටත් ඊයේ ඉරානයට අනතුරු ඇඟවීමෙන් පසුවත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකිරීමෙන් පසු මේ වන විට ඉරානය දැවැන්ත එක්සත් ජනපද ප්‍රහාරයක් අද්දර රැඳී සිටිනවා.
ට්‍රම්ප්ගේ අවසාන දිනය අවසන් වන තෙක් බලා නොසිටි, ඊශ්‍රායලය අඟහරුවාදා පෙරවරුවේම ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට තර්ජනය කරමින්, සමාජ මාධ්‍ය සටහනකින් ඉරාන වැසියන්ට දැනුම් දුන්නේ දුම්රියෙන් ගමන් නොකරන ලෙසයි.
මේ තර්ජනය ඉරානයේ ෙඑතිහාසික දුම්රිය මාර්ගයට පහර දීමට කරන සැලසුමක් බවට අනුමාන කරන ඉරානය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස පිළිගනු ලැබ ඇති ට්‍රාන්ස්-ඉරාන් දුම්රිය මාර්ගය වැනසීමට ඊශ්‍රායල්ය කරන සැලස්මට මැදිහත්වන ලෙස යුනොස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළා.
ඊසාන දෙසින් කැස්පියන් මුහුද සහ නිරිත දෙසින් පර්සියානු බොක්ක සමඟ සම්බන්ධ කරන කිලෝමීටර් 1,394ක් දිග ට්‍රාන්ස්-ඉරාන දුම්රිය මාර්ගය 2021 දී යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස පිළිගනු ලැබුවේ “එහි පරිමාණය සහ බෑවුම් සහිත මාර්ග සහ අනෙකුත් දුෂ්කරතා ජය ගැනීමට යොදා ඇති ඉංජිනේරුමය කාර්යයන්ගේ විශිෂ්ටත්වය අගයමින්.
මේ අතර අඟහරුවාද දිනය ආරම්භයේ සිට ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිපිරීම් මාලාවක් ඇසුණු බව ජාත්‍යන්තර මාධ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ් සමගම ඊශ්‍රායලය ඉරානයේ තවත් ඛනිජ රසායනික කම්හලකට බෝම්බ හෙලූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව තහවුරු කළා.
ඊශ්‍රායල් හමුදාව පවසන්නේ එය බැලස්ටික් මිසයිල සඳහා ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිතා කරන “ඉතිරිව ඇති පහසුකම් කිහිපයෙන් එකක්” බවයි.
එසේම ටෙහෙරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට අඛණ්ඩව දෙවන දිනටත් ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වූ අතර බීබීසිය වාර්තා කර තිබුණේ ගුවන් තොටුපොළ අසලින් ගිනිගැනීම් හතරක් සහ විශාල දුම් වළලු නැඟී ඇති බවයි.
එසේම ඉරානයේ තෙල් අපනයනයෙන් වැඩි ප්‍රමාණයක් සඳහා පර්යන්තය වන කාර්ග් දූපත ද දැවැන්ත ප්‍රහාරයකට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තා කළා.
ඉරානයේ ඇල්බෝර්ස් හි නේවාසික ප්‍රදේශවලට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් ඉරාන වැසියන් දහඅට දෙනෙකු මිය ගිය බව ඉරාන ආරක්ෂක හමුදාව පවසනවා.
මේ අතර ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ද අද නවතම ජවයකින් යුතුව ඊශ්‍රායලය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා .
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ ඊයේ අලුයම 4.00 සිට අද උදෑසන 7:00 දක්වා ඉරානයෙන් සහ හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 133 දෙනෙකු රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායල්යේ මධ්‍යම ප්‍රදේශවල නගර ඉලක්ක කරද්දී හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ උතුරට පහරදුන්නා.
ඒ් සමගම ඉරානය මැදපෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු පිහිටි රටවලට එල්ල කරන ප්‍රහාර ද තවදුරටත් සක්‍රීය කර තිබෙනවා.
ඊශ්‍රායල් යුධ නෞකාවක් නවතා තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජෙබෙල් අලි වරාය දැවැන්ත සයිල ප්‍රහාරයට ගොදුරු වී ඇති බව පැවසෙනවා.
ලෝකයේ සිව්වැනි විශාලතම පෙට්‍රෝ රසායනික නිෂ්පාදකයා වන ජෙබෙල් අලි හි SABIC (සැබික්) වෙත ද මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් කර්මාන්තශාලාව ගිනි ගන්නා දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.




