හෙට දිනයේ ඔත්තේ ඉරට්ටේ නොසලකා සියලු වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අද සහ හෙට ඔත්තේ දින දෙකක් එක ළඟ යෙදී තිබීම හේතුවෙන්.
මේ අතර ආනයනික ඉන්ධන මිල ප්‍රකාශිත මිලට වඩා වැඩිවන අවස්ථාවල සැපයුම්කරුවන්ට රජයෙන් ගෙවීමක් සිදු කර මිල පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසුවේ මැයි මාසය තෙක් යළි ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි.
QR ක්‍රමවේදය සහ වාහනයේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සිදු වන අතර ඒ අනුව බොහෝ පිරවුම්හල්වල මේ වන විට පෝලිම් ඇතිවීමේ තතත්වය පහව ගොස් තිබෙනු දැකගත හැකියි.
කෙසේ වෙතත් අද සහ හෙට දෙදින ඔත්තේ දින දෙකක් එක ලඟ යෙදීම සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ සියලුම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිමටයි ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ.
මේ අතර ආනයනික ඉන්ධන මිල ප්‍රකාශිත මිලට වඩා වැඩිවන අවස්ථාවල සැපයුම්කරුවන්ට රජයෙන් ගෙවීමක් සිදු කර මිල පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
මේ අතර බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව පුලුල් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කළා.
ඒ අනුව සියලු රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල පස්වරු 3.00 සිට සියලුම වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු වනවා.
ඒ අනුව අද කැබිනට් මාධ්‍ය හමුව පැවැත්වෙන අවස්ථාවේ දී සවස තුනට පමණ එහි වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කළා
පෞද්ගලික අංශ සඳහාද එම ඉල්ලීම යොමු කර තිබෙනවා.
එමෙන්ම පස්වරු 8.00න් පසු වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආළෝක පුවරු නිවා දැමිය යුතුයි.
පළාත් පාලන ආයතනවලින් පාලනය වන වීදී ලාම්පු පස්වරු 6-10 ත් කාල සීමාව තුළ නිවා දැමීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද එහි දැක්වෙනවා.
තවද පුද්ගලයින් 100ට වැඩි උත්සව සහ සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන පැවැත්වීමට වගබලා ගත යුතු බවද එහි දැක්වෙනවා.
මේ අතර ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය හා විදුලිය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් දායක වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සමතා පවසන්නේ බලශක්ති පරිභෝජනය හැකි උපරිමයෙන් අවම කර ගනිමින් වුවද වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු සංවර්ධන ව්‍යාපෘතීන් කල් දැමිමකින් තොරව සිදු කරගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
මේ අතර පෞද්ගලික සමාගම් විසින් අවශ්‍ය පරිදි ඉන්ධන හල්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රශ්න රැසක් උද්ගතව ඇතැයි ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.





