සුදු ඇඳුම රතු කළ අනතුර

මහනුවර දිගන මාර්ගයේ පල්ලකැලේ යුද හමුදා කඳවුර ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙක් මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔවුන් අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිල්වෙස්තර සහ විද්‍යාර්ථ විදුහල් අතර පැවැත්වෙන සුරතලුන්ගේ සටන මහා ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා යතුරුපැදියකින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත යමින් සිටිය දී.
මෙම ඛේදවාවකය හේතුවෙන් අද ආරම්භ වූ 66 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය කල් දැමීමටද තීරණය කර තිබෙනවා.

මහනුවර දිගන මාර්ගයේ පල්ලකැලේ යුධ හමුදා කඳවුර ඉදිරිපිටදී අද උදෑසන 6.10ට පමණ ස්කූටරයක් සහ මගී බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.
අදාළ යතුරුපැදිය පාසල් සිසුවෙක් පදවා තිබූ අතර ඔවුන් වේගයෙන් පැමිණ වැරදි මංතීරුවේ ගමන් කිරීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
අනතුරින් යතුරු පැදිය පැදවූ සිසුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
අනෙක් සිසුවා බරපතල තුවාළ සහිත මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන් දෙදෙනා අනතුරට ලක් වුණේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද ආරම්භ වූ මහනුවර සිල්වෙස්තර – විද්‍යාර්ථ විද්‍යාල අතර සුරතලුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා පැමිණමෙින් සිටිය දී.
අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුන් දෙදෙනෙක්.

Share