සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුව අද සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සිදුකෙරුණා.
සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය විවෘත ඡන්දයක් ලෙසද, රහස්‍ය ඡන්දයක් ලෙසද පවත්වන්නේ යන්න පළමුව විමසා බැලුණු අතර ජාතික ජන බලවේගයේ සභිකයන් 23 දෙනා සහ පොදු විපක්ෂය නියෝජනය කළ සර්වජන බලය සභිකයෙකු රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළ කළා.
එහිදී විපක්ෂ නියෝජනය කරන සෙසු සභිකයන් 23 දෙනා සභා ගර්භයෙන් ඉවත්ව ගිය අතර සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සර්ව ජන බලය සභිකයා ඡන්දය දීමෙන් වැලකී සිටියා.
ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික පී.කේ. ප්‍රේමරත්න මහතා පත්වුණා.
මේ අතර සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය පක්ෂය තීරණය කර තිබෙනවා. පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුවගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Share