සිබා සරසවියේ උපාධි ප්‍රදානොත්සවය

දෙස් විදෙස් සිසුන් රැසකට උසස් අධ්‍යාපන වරම් හිමි කර දෙන මහනුවර සිබා සරසවියේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වේ.

දේශීය මෙන්ම විදේශීය සිසුන් රැසකට උසස් අධ්‍යාපන වරම් හිමි කර දෙන ශ්‍රී දළදා මාළිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන, මහනුවර සිබා සරසවියේ එකොළොස් වැනි උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපති ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය මහතායි
මෙහිදී පශ්චාත් උපාධි හා උපාධි 164 ක්, උසස් ඩිප්ලෝමා 16 ක් හා ඩිප්ලෝමා 651 ක් ප්‍රදානය කෙරුණු අතර සිබා සරසවියේ සභාපති, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මහතා , සීබා සරසවි මණ්ඩපාධිපති ආචාර්ය උපාලි එම්. සේදර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

Share