සැම්බියා රජයට චීන “පීඩනය” එල්ල වීමෙන් පසු ප්‍රධාන මානව හිමිකම් සමුළුවක් අවලංගු කරයි

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කිරීමත් සමඟ, එරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් පොලිස් පරීක්ෂාවට ලක්ව තිබෙනවා. මාලදිවයිනේ “Adhadhu” පුවත් සේවය විසින් පසුගියදා විශේෂ වාර්තාවක් පළ කරමින් කියා සිටියේ ජනාධිපති මොහොමඩ් මුයිසු සහ විදේශීය කාන්තාවක අතර පෞද්ගලික සබඳතාවක් පවතින බවයි. මෙම වාර්තාව ප්‍රසිද්ධ වීමත් සමඟ මාලදිවයින් පොලිසිය අධිකරණ නියෝගයක් මත අදාළ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාගේ පුද්ගලිකත්වයට හානි වන අයුරින් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අයුරින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවයි. කෙසේ වෙතත්, “Adhadhu” පුවත් සේවය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් වාර්තා කළේ තහවුරු කළ තොරතුරු බවයි. මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දක්වන එරට විපක්ෂ කණ්ඩායම් සහ මාධ්‍ය සංවිධාන, මෙය මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් ලෙස හඳුන්වනවා. බලය භාවිතා කරමින් මාධ්‍ය මර්දනය කිරීම වහාම නතර කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබෙනවා. මේ වන විටත් අදාළ මාධ්‍ය ආයතනයේ පරිගණක සහ දත්ත ගබඩා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සැම්බියා රජයට චීන නිලධාරීන්ගේ එල්ල වු පීඩනය හේතුවෙන් ප්‍රධාන මානව හිමිකම් සමුළුවක් අවසාන මොහොතේ අවලංගු කළ බව උපදේශක කණ්ඩායමක් වන ඇක්සස් නව් නිවේදනය කරනවා. මෙලෙස අවලංගු කර ඇත්තේ සැම්බියානු අගනුවර වන ලුසාකා හි අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ ඩිජිටල් අයිතිවාසිකම් සඳහා කැප වූ දිගුකාලීන සමුළුවක් වන රයිට්ස්කොන් හි 2026 සංස්කරණයයි. තායිවාන නියෝජිත පිරිසක් සහභාගි වීම සම්බන්ධයෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයින්, සැම්බියා රජයට බලපෑම් කිරීමෙන් පසුව සමුලුව අවලංගු කළ බව ඇක්සස් නව් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. වසර 10ක් පමණ තිස්සේ පැවැත්වෙන සමුලුවට ලොව පුරා රටවල 5000ක පමණ පිරිසක් මෙවර එක් වීමට නියමිතව තිබුණා.

Share