සැක සහිත සරම්ප රෝගීන් 7,500ට එන්නත් කෙරේ

මාරාන්තික සරම්ප රැල්ලක් හේතුවෙන් ළමුන් ඇතුළු 100කට අධික පිරිසක් මිය ගොස් ඇති බවට වූ සැකය මත බංග්ලාදේශය හදිසි එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, පසුගිය 15 වැනිදා සිට සැක සහිත සරම්ප රෝගීන් 7,500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග මෙම එන්නත් වැඩසටහන ආරම්භ කෙරුණා.
ඒ අතරින් 900කට වැඩි පිරිසක් සරම්ප රෝගීන් බවට තහවුරු කරගැණුනු අතර එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙය 2025 සිට එම රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් බවයි.
බංග්ලාදේශය හදිසි එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරයි.

Share