ගෝලීය සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ වූ ‘Walk for peace’ පාද චාරිකාවේ තුන්වැනි දිනය අදයි.
අද පාද චාරිකාව ආරම්භ කෙරුනේ මහනුවර ශ්‍රී දලදා මාලිගාව ඉදිරියෙන්.
කොළඹ නිදහස් චත්රරස්රයෙන් අවසන් කෙරෙන ඒහි පස්සිකෝ නම් මෙම පාද චාරිකාවේ පැමිණෙන භික්ෂූන් වහන්සේට නමස්කාර කිරීම සඳහා අද පෙරවරුවේත් මඟ දෙපස බොහෝ පිරිසක් රැස්ව සිටියා
ලෝකවාසී ජනතාවට සාමය සහ මෛත්‍රිය ප්‍රාර්ථනා කරමින් සංවිධාන කර ඇති “ඒහිපස්සිකෝ” නම් ජාත්‍යන්තර සාම පාද චාරිකාව පසුගිය 22 වැනිදා පෙරවරුවේ ආරම්භ කෙරුණේ රංගිරි දඹුළු රාජමහා විහාරස්ථානය ඉදිරියෙන්.
පලමු දිනයේ දී කිලෝමිටර් 47 ක දුරක් ගෙවා දමමින් ඊයේ අලුයම 12.30ට පමණ පාද චාරිකාවේ වැඩම කළ භික්ෂූන් වහන්සේ පළමු ගමනාන්තය වූ මාතලේ ඓතිහාසික අලුවිහාර පරිශ්‍රයට ළඟා වුණා.
අනතුරුව පාද චාරිකාව දෙවැනි දිනට ඊයේ අලුයම එහි සිට ආරම්භ වුණා.
පාද චාරිකාව සඳහා පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේ 12නමක් සහභාගී වී සිටිනවා.
කිලෝමීටර් 28ක දුරක් ඊයෙ දින ගෙවා දමමින් පාද යාත්‍රාවේ නිරත භික්ෂූන් වහන්සේ ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත වැඩම කළා
ඒ අනුව පාද යාත්‍රාවේ තෙවැනි දිනය අද පෙරවරු 7ට දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ වුනා
මෙහිදී පා ගමනට ආශිර්වාද පිණිස පිරිත් සජ්ඣායනයක් ද සිදු කෙරුණා.
මෙම පාද චාරිකාව පැමිණෙන මග දෙපස සැදැහවතුන් බොහෝ පිරිසක් අදත් රැස්ව සිටිනු දක්නට ලැබුණා.





