ස්පා සිලෝන් “ඕකිඩ් පැරඩයිස්” නිෂ්පාදන පෙළ එළි දක්වයි

ඉහළ විශ්වසනීයත්වයක් දිනා සිටින ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් වන ස්පා සිලෝන්, පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් සමීප කරමින් සිය ඕකිඩ් නිෂ්පාදන පෙළ එළිදැක්වීම සඳහා “ඕකිඩ් පැරඩයිස්” තේමාව නමින් තෙදින වැඩසටහනක් පසුගියදා කලම්බු සිටි සෙන්ටර් හීදී සංවිධාන කර තිබුණා.

ස්වභාව සෞන්දර්යය අනුසාරයෙන් කවදත් සිය නිෂ්පාදන එළිදක්වන ස්පා සිලෝන් “ඕකිඩ් පැරඩයිස්” නිෂපාදන එළිදැක්වීමේ මූලික අරමුණ, මෙරටට ආවේණික වූ ඕකිඩ් සංරක්ෂණය සඳහා කැපවීම බව ස්පා සිලෝන් සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිවන්ත ඩයස් මහතා සඳහන් කළා.

ස්පා සිලෝන් ඕකිඩ් පැරඩයිස් නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර කලාපවල දේශීය සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඕකිඩ් සංරක්ෂණය සහ දිගුකාලීන ආරක්ෂාව සඳහා යොමුකෙරෙනු ඇති.

Share