අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය අප්‍රේල් මස 17වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පරිභාහිරව සේවකයින් බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුනා.




