සිය ජීවිත කාලය පුරා එක්කරගත් වැඩිම බැතිමතුන්, අනුගාමිකයන් හා රාජ්‍ය නායකයින් ප්‍රමාණයක් සහිත අධ්‍යාත්මික චරිතය ලෙසින් සැලකෙන ශ්‍රී සත්‍ය සායි තුමන්ගේ 100වන ජන්ම අණුස්මරණය අදයි.
ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ඉන්දියාවේ මෙන්ම ලොව පුරා රටවල් රැසක පැවැත්වෙනවා.
ඉන්දියාවේ මෑත කාලයේ බිහිවූ ප්‍රබලම හා ජනප්‍රියතම මානව හිතවාදී අධ්‍යාත්මික නායකයා වශයෙන් සැලකෙන ශ්‍රී සත්‍ය සායි තුමන්ගේ 100වන ජන්ම අණුස්මරණය අදට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් විවිධ පුජා හා සැමරුම් උත්සව ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල අද සංවිධාන කර තිබෙනවා.
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ මූලිකත්වයෙන් හා ජනප්‍රිය ක්‍රීඩකයින්, නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් සායි තුමන් ගේ උපන් ග්‍රාමය හා ප්‍රධාන වන්දනා භූමිය වූ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි පුට්ටපාර්තියේ දී වැඩසටහනක් පැවැත්වුණා.
එහි ප්‍රධාන උත්සවයට සම්බන්ධ වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විශේශ දේශනයක් ද පවත්වනු ලැබුවා.
ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මූර්මු ද ඊයේ මෙම උත්සවයට එක්වුණා.
1926 වසරේ නොවැම්බර් මස 23 වැනි දින උපත ලද ශ්‍රී සත්‍ය සායි තුමාගේ දේශනයන් විශාල වශයෙන් ජනතා ආකර් ෂණය දිනා ගැනීමට මූලික හේතුව බවට පත්ව ඇත්තේ, සියලු ආගම් කෙරෙහි ගෞරවණීය ලෙස උස් පහත් භෙදයකින් තොරව සැළකිය යුතුය යන්න වන ඉගැන්වීමත් සමගයි.
එමෙන්ම එතුමා ගේ ඉගැන්වීම් වල ප්‍රධානතම අධ්‍යාත්මික පාඨයන් වූයේ, සැමට උපකාර කරන්න, කිසිවිටෙක ඔවුන් නොරිදවන්න, සැමට මෛත්‍රී කරන්න, සැමට උපරිමයෙන් සේවය කරන්න යන්නයි.





