මේ අතර ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව සමඟ හවුල්කාරිත්වයෙන්, ඉන්දියාවට පැමිණෙන ශ්රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් සඳහා UPI One World හඳුන්වාදීමේ නියමු වැඩසටහනක් පසුගියදා දියත් කෙරුණා.
මෙම පුරෝගාමී ඩිජිටල් ගෙවීම් පහසුකම මඟින් ශ්රී ලාංකික සංචාරකයින්ට ඉන්දියානු ජංගම දුරකථන අංකයක් අවශ්යතාවයකින් තොරව ඉන්දියාව පුරා ආරක්ෂිත, තත්ය කාලීන ගෙවීම් කිරීමට හැකියාව ලැබෙන අතර, මුදල් රැගෙන යාම වෙනුවට නවීන, පහසු විකල්පයක් හිමි වනවා.
වැඩසටහන පැවැත්වුණේ නවදිල්ලියේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී.
මෙම පහසුකම වෛද්ය ප්රතිකාර සඳහා ඉන්දියාවට යන ශ්රී ලාංකිකයින්ට ද ප්රතිලාභ ලබා දෙන අතර, ඔවුන්ගේ රැඳී සිටින කාලය තුළ වැඩි මූල්ය නම්යශීලී බවක් සහ ආරක්ෂාවක් ලබා දෙනු ඇතැයි මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.