ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දීය පුහුණුකරුවෙක් වන ආර්. ශ්‍රීධර් පත් කර තිබෙනවා.
T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරු ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ශ්‍රීධර්, 2014 සිට 2021 දක්වා කාලය තුළ, ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.





