ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබුවා.
2012 සිට 2014 දක්වා කාලසීමාව තුළ එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස ශ්‍රී ලංකන් සමාගමෙන් රුපියල් 28 ලක්ෂයකට අධික මුදලක් ගෙවීම හිටපු සභාපතිවරයාට එල්ල වී ඇති චෝදනාවයි.

Share