වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් පීඩාවට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8ට එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධ ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් උල්ලංඝනය කිරීමට විරෝධය දැක්වීම වර්ජනයේ අරමුණයි.
රජයේ රෝහල් වෙත පැමිණි රෝගී වර්ජනය හේතුවෙන් සුපුරුදු පරිදි පීඩාවට පත් වුණා.

විශේෂඥ පරිපාලන සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් යන සියල්ලන්ගේ ස්ථාන මාරුවීම් සිදු වන්නේ ආයතන සංග්‍රහය සහ කාර්ය පරිපාටි රෙගුලාසි ඇතුළත් නීත්‍යනුකූල පිළිගත් ක්‍රමවේදයකට අනුවයි.
විට 2026 වර්ෂයට අදාල පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන සඳහා වූ ස්ථානමාරු ලැයිස්තු පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව, නීති විරෝධි ලෙස සහ අත්තනෝමතිකව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
ඊට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන සෞඛ්‍ය ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන්නේ නැහැ.
වෛද්‍ය වර්ජනය හේතුවෙන් පීඩාවට පත් වූයේ රෝහල් වෙත පැමිණි ජනතාවයි.

Share