පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබෙනවා.
විජයකාන්ත් වියස්කාන්ත් මේ වන විට ‘ආසියානු කුසලාන නැගී එන තරු විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට තරග කරන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ක්‍රීඩා කරමින් සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙතපැමිණෙනු ඇති බවයි.
පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
අද ඇරඹෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බ්‍රහස්පතින්දා සිම්බාබ්වේට එරෙහිව රාවල්පින්ඩි හිදී පැවැත්වෙනවා.





