ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටූ ටෝ ලම් මහතා අද රාත්රියේදී මෙරටට පැමිණීමට නියමිතයි.
වියට්නාම ජනාධිපතිවරයා හෙට, ශ්රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
ඔහු මෙරට සංචාරය කරන කාලසීමාව තුළ, කොළඹ නගරය ආශ්රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බවද පොලීසිය සදහන් කළා




