2026 වසර සඳහා වන දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඊයේ ප්‍රකාශයට පත්කළ අතර, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සඳහා නව ගාස්තු කාණ්ඩයක්ද එහිදී ප්‍රකාශයට පත්කෙරුණා.
විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම නව ගාස්තු ක්‍රමය හඳුන්වා දී ඇති බවයි එම කොමිසම නිවේදනය කළේ.
හෙට සිට සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වසරේ දෙවන කාර්තුව සඳහා බලපැවැත්වෙන විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ අවසර ලබා දුන්නා.
ඒ අනුව ගෘහස්ත සහ පොදු කාර්ය මෙන්ම ආගමික සහ පුණ්‍යායතන ඇතුළු පරිභෝජන ඒකක වර්ගීකරණය මත අදාළ විදුලි ගාස්තු සංශෝධය ප්‍රකාශයට පත්කෙරුණා.
කෙසේ වෙතත් එහි දිගුවක් ලෙස විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සඳහා නව ගාස්තු කාණ්ඩයක්ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එහිදී ප්‍රකාශයට පත්කළා.
එහි මූලික අරමුණක් වන්නේ විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.
විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සඳහා හඳුන්වා දුන් නව කාණ්ඩය යටතේ, පාරිභෝගිකයන්ට විදුලි වාහන ආරෝපණ මෙහෙයුම් සඳහා වෙන්කෙරුණු විශේෂිත විදුලි සැපයුමක් ලබාගැනීමට අවශ්‍ය වනවා.
ඊට අමතරව අදාළ විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ පූර්ව අවසරයද ලබාගත යුතු වනවා.
මේ අතර ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පලකළා.
මේ අතර ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පලකරමින් සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසල පන්දම් විරෝධතාවක ද නිරතවුණා.
මේ අතර මහා සංඝරත්නය ඇතුළු විදුලි වෘත්තිය සමිති නියෝජනය කරමින් පාර්ශව කිහිපයක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය පලකළා.





