වත්මන් වැඩබලන විගණකාධිපතිවරයාගේ ධුර කාලය තවත් මාස තුනකට දිර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. විපක්ෂය චෝදනා කරන්නේ ලබන ජනවාරි මාසයේ ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් තිදෙනෙකු ඉන් ඉවත් වන බැවින් තමන්ට අවශ්‍ය විගණකාධිපතිවරයා පත් කර ගැනීමට ආණ්ඩුව කල් මරමින් සිටින බවටයි.
සේවා දිගු ලබමින් මේ වන විට වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ එච්.ඩී. ධර්මපාල මහතායි.
අවස්ථා කිහිපයකදී ඒ මහතාගේ ධුර කාලය දීර්ඝ කෙරුණු අතර තවත් මාස තුනකට ඒ මහතාගේ ධුර කාලය දීර්ග කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගිය සිකුරාදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ අනුව ඊයේ සිට මෙරටට විගණකාධිපති ධුරය හිස් වී තිබෙනවා.
විපක්ෂය චෝදනා කරන්නේ ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කරන එස්.ජී.පී. චන්දන මහතා විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුව උත්සහ දැරුවද එය අසාර්ථක වීම හේතුවෙන් වැඩබලන විගණකාධිපතිවරයාගේ ධුර කාලය දිර්ඝ කිරීමට උත්සාහ කළ බවයි.
ලබන ජනවාරි මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන්ගේ ධුර කාලය අවසන් වන අතර නව සාමාජිකයින් පත් කරන තුරු එම පුරප්පාඩුව පිරවීම රජය ප්‍රමාද කරමින් සිටින බවද විපක්ෂයෙන් චෝදනා එල්ල වනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.





