වැව් රක්ෂිතවල මේ දක්වා මායිම්ගල් සලකුණු කර ඇති සමෝච්ච රේඛා කිසිදු හේතුවක් මත යළි වෙනස් කිරීමට සූදානම් නැතැයි වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ඇතැම් විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා වැව් රක්ෂිත සීමාවේ ඇති ඉදිකිරීම් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වෙමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ඉදිකළ ගලෙන්බිඳුණුවැව, අලුත්දිවුල්වැව නව සොරොව්ව සහ වැව් බැම්ම ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.





