වැලි කන්දේදී දුම්රියේ ගැටුනු වන අලියෙකු දින 5 කට පසු මිය යයි

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉකුත් 29 වැනිදා අලුයම වැලිකන්ද සෙවනපිටිය ප්‍රදේශයේදි, දුම්රියක ගැටී ආබාධිතව සිටි වන අලියෙකු දින පහකට පසු මැණික්වෙල ප්‍රදේශයේදී මියගොස් තිබෙනවා
වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය සමීර කලිංගුආරච්චි මහතා විසින් සිදුකිරීමට නියමිතයි.

අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල්දෙණිය ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලි සිරුරක් හමුව තිබෙනවා
මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් පමණ වයසකින් යුත් කෙනරක බවයි මොරගොඩ වනජීවී කාර්‍යාලය සදහන් කළේ.

Share