වසර 7ක් තිස්සේ ඉදිකිරීම් අවසන් නොවුණු වයඹ පළාත් සභාවේ සය මහල් ගොඩනැගිල්ලක් පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී ඊයේ අනාවරණ වුණා.
පළාත් සභාවේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නේ යෝජිත ගොඩනැගිල්ල මහල් 8ක් දක්වා වැඩි කළ යුතු බවට කොන්ත්රාත්කරු විසින්ම කළ යෝජනාවට පළාත් සභාව එකඟ නොවීම මත චේතනාන්විතවම මේ ඉදිකිරීම් අකර්මන්යකර ඇති බවයි.





