වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන ලෙස sports නම් supreme ඊයේ සම්මානයට පාත්‍ර වුණා.
ඒ ජාතියේ ටෙලි සම්මාන උළෙල ලෙස හැඳින්වෙන රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියේදී. වසරේ විශිෂ්ඨම ප්‍රවෘත්ති නිවේදක සම්මානය සඳහා TV සුප්‍රීම් හි ධනුෂ්ක සෙනෙවිරත්නද නිර්දේශ වුණා.
රටක් පිනවූ ටෙලි නිර්මාණ අගයන මෙරට ප්‍රමුඛතම රුපවාහිනී සම්මාන උළෙලක් වන රයිගම් සම්මාන උළෙලේ 22 වැනි අදියර – රයිගම් ටෙලීස් 2025 ඊයේ රාත්‍රී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ කොළඹ ශැං – ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සම්මානනීය කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් විචිත්‍රවත් සම්මාන රාත්‍රිය සඳහා එක්ව සිටියා.
සම්මාන උළෙළේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන ලෙස TV සුප්‍රීම් ඔස්සේ විකාශය වන SPORTS නම් Supreme සම්මානයට පාත්‍ර වුණා.
එහි අධ්‍යක්ෂ ලිලාන් රුවන්වැල්ල සම්මානය පිළිගත්තා.
වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක ලෙස TV සුප්‍රීම් නිවුස් හි ධනුෂ්ක සෙනෙවිරත්න ද නිර්දේශ වුණ
රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස අප්සරා ගුණතිලක සම්මානයට පාත්‍ර වුණා.
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය නළුවා අකලංක ප්‍රභාෂ්වරයි.
දුෂේනි මියුරංගි සහ චතුරංග කොඩිකුවක්කු ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන ද්විත්වය බෙදා ගත්තා.
වඩාත් ජනගත ටෙලිනාට්‍ය නළුවා සහ නිළිය ලෙස සජිත් ඇන්තනී සහ මිෂෙල් දිල්හාරා සම්මානයට පාත්‍ර වුණා.
සම්මාන උළේදී පිරිනමනු ලබන විශේෂ ප්‍රණාම සම්මානයෙන් මෙරට ටෙලි නාට්‍ය වංශ කතාවේ පළමු ප්‍රේමවත්නිය වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරාණි මහත්මිය සහ ටෙලි නාට්‍ය නිර්මාණ කලාවේ සුවීශේෂී මං සළකුණු තැබූ ආනන්ද අබේනායන ශූරින් පිදුම් ලැබුවා.
කලාකරුවකුට ජිවිතයේ එක් වරක් පමණක් හිමිවන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයට මෙවර පාත්‍ර වුණේ දශක 6ක ස්වර්ණමය රංග ප්‍රතිභාව වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියයි.





