ලෝක ප්‍රකට විදේශීය කිමිදුම්කරුවන් පිරිසක් මෙරට සංචාරයක

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ලෝක ප්‍රකට විදේශීය කිමිදුම්කරුවන් තිදෙනෙක් පසුගිය දා මෙරටට පැමිණියා.
ඔවුන් මාර්තු 6 සිට 19 දක්වා කාලය තුළ කොළඹ, මීගමුව, මිරිස්ස, කිරින්ඳ සහ ගාල්ල වැනි ප්‍රදේශ කිහිපයක සමුද්‍රීය ස්ථාන නිරීක්ෂණය කළ අතර ශ්‍රී ලංකාව කිමිදුම් සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
විශේෂයෙන්ම දිය යට පවතින ඓතිහාසික නැව්, සමුද්‍ර ජීව විවිධත්වය සහ පාරිසරික සුන්දරත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, ලාංකීය සමුද්‍රීය වටපිටාවට ගෝලීය ආකර්ෂණය ලබා ගැනීම මෙහි තවත් අරමුණක්.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව, මෙම කිමිදුම්කරුවන්ගේ අත්දැකීම් ඇතුළත් නව ඩිජිටල් අන්තර්ගතයක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Share