ලාල්කාන්තගේ ප්‍රකාශය හෙළා දකියි

අනුරාධපුර නුවරවැව නව රක්ෂිත මායිම් කිසි ලෙසකින් වෙනස් නොකරන බවට ලාල්කාන්ත අමාත්‍යවරයා කළ ප්‍රකාශය නුවරවැව අවට ඉඩම් අයිතීන් සුරැකීමේ සංවිධානය දැඩිව හෙළා දකිනවා.
ඔවුන් සඳහන් කරන්නේ මෙතෙක් පැවති රක්ෂිත සීමාව ඉහළ නැංවීම හේතුවෙන් තමන් මේ වන විට උන්හිටිතැන් අහිමි වූ පිරිසක් බවට පත්ව ඇති බවයි. අනුරාධපුර නුවරවැව රක්ෂිත සීමාව මීටර් 88.5ක් ලෙස දක්වමින් මායිම් ගල් යෙදීම හේතුවෙන් මීට පෙර රක්ෂිත සීමාවට හසු නොවූ විශාල පිරිසක් මේ වන විට රක්ෂිත සීමාවේ පදිංචිකරුවන් බවට පත්ව සිටිනවා.
ඔවුන් අවස්ථා ගණනාවකදී යම් සහනයක් ඉල්ලා හඩ නැගූ අතර, ටීවී සුප්‍රීම් නිවුස් ද එම ගම්මාන වෙත ගොස් පීඩාවට පත්ව සිටින ජනතාවගේ හඬ රට හමුවේ තැබුවා.
මෙවන් පසුබිමක් තුළ කේ ඩී ලාල්කාන්ත අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ‍රාජ්‍ය නිලධාරීන් හා ජනතාව කොතෙක් ඉල්ලීම් කළද නව රක්ෂිත සීමාව කිසිසේත් වෙනස් නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නුවරවැව අවට ඉඩම් අයිතීන් සුරැකීමේ සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.රක්ෂිත මායිම් වෙනස් නොකරන බවට ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට නුවරවැව ඉඩම් අහිමි වූවන්ගේ දැඩි විරෝධය. ජනතාව විශාල පිරිසක් රක්ෂිතයේ පදිංචිකරුවන් බවට පත් වෙලා
ටීවී සුප්‍රීම් නිවුස් රටට කළ අනාවරණය
ලාල්කාන්ත අමාත්‍යවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය
තමන් තව තවත් පීඩාවට පත්ව ඇති බව නුවරවැව අවට පදිංචිකරුවන් කියයි

Share