ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට මුදල් අමාත්‍යාංශයේදී ඊයේ අත්සන් තැබුණා.
ආනයනකරුවන් භාණ්ඩ අඩු තක්සේරු කිරීම් හේතුවෙන් රජයට බදු අහිමිවීම , භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීම, වැනි ගැටළු අවම කිරීම සඳහා මෙම අවබෝධතා ගිවිසුමට එළඹ තිබෙනවා.





