රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා “කේරළ ගංජා” තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා “කේරළ ගංජා” තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අද පස්වරුවේ මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට ගෙන ආ මෙම ” කේරළ ගංජා ” තොගය, කුඩා ලොරි රථයක් මගින් කුරුණෑගල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදීයි, ලද තොරතුරක් මත, මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ.
මෙහිදී සැකකරු සන්තකයේ තිබී “කේරළ ගංජා” කිලෝ 85 ක් සොයා ගැනුනා.

Share