ශ්රී ලංකාව සමග රාවල්පින්ඩි හි පැවති තුන්වන එක්දින තරගයේදී ICC චර්යාධර්ම සංග්රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන ක්රීඩක බාබර් අසාම්ට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.
මීට අමතරව, ඔහුට එක් දඬුවම් ලකුණක් ද හිමි වනු ඇති.
ඊට හේතු වී ඇත්තේ දැවී යෑමෙන් පසු, බාබර් සීමා ඉරෙන් ඉවත් වීමට පෙර ඔහුගේ පිත්තෙන් කඩුල්ලට පහර දීම හේතුවෙන්.
බංග්ලාදේශ ක්රිකට් ක්රීඩක මුෂ්ෆිකර් රහීම් අද සිය 100 වැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළා.
මෙම කඩඉමට ළගා වූ පළමු බංග්ලාදේශ ක්රිකට් ක්රීඩකයා ඔහුයි.
අයර්ලන්තය සමග ඩකා හි ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී මෙම සුවිශේෂී කඩඉමට ළගා වූ මුෂ්ෆිකර් රහීම්ට උපහාර දැක්වීමේ උත්සවයක් ද තරග ආරම්භයට පෙර සංවිධාන කර තිබුණා.





