රසායන ද්‍රව්‍යයක් නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල PT ස්කෑන් කටයුතු නැවතී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්‌ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා PT ස්කෑන් සඳහා අවශ්‍ය FDG විකිරණශීලී රසායන ද්‍රව්‍ය සපයන්නන් ලියාපදිංචිය පමාවීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් විශාල මුදලක් ගෙවා ඉන්දියාවේදී මෙම පරීක්ෂණ කිරීමට සිදුව ඇති බවද විකිරණ තාක්ෂණවේදීන් පෙන්වා දෙනවා.





