රජය සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට ව්‍යසනය ආවරණයක් කර නොගන්නා බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසනවා.
දිසානායක මහතා අවධාරණය කළේ ව්‍යසනය හමුවේ යළි නැගී සිටිමින් තිබුණාට වඩා හොඳ රටක් ජනතාවට උරුම කර දීමට කටයුතු කරන බවයි.
ජනාධිපතිවරයා මේ අදහස් පල කළේ දිට්වා සුළු කුණාටුවෙන් පසු රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සඳහා ක්‍රියාත්මක REBULILDING SRI LANKA ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය අමතමින්.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන සහ ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
එහි සමාරම්භක උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී.
වැඩසටහන වෙනුවෙන් සිදු කෙරෙන මුල්‍යමය පරිත්‍යාග සහ අනෙකුත් පරිත්‍යාග හා ඒ ආශ්රිත තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය ද මෙහිදී එලිදැක්වුණා.
මෙම වෙබ් අඩවිය හරහා ප්‍රදාන සිදුකළ හැකි අතර එම ප්‍රදාන පිළිබඳ සියලු තොරතුරු මෙම වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.





