රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සති දෙකක් තරඟ පැවැත්වීම නතර වී තිබූ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සති අන්තයේ යළි ආරම්භ වුණා.
ඒ අනුව තුන්වෙනි සතියේ තරගයක් ලෙස යුද හමුදා කණ්ඩායම හා ශ්රී ලයන් කණ්ඩායම අතර තරගය පැවැත්වූණේ කොළඹ සී.ආර්. පිටියේදී.
මෙහිදී ලකුණු විසි හයට ලකුණු 17ක් ලෙස යුද හමුදා කණ්ඩායම තරගය ජයගත්තා.





