නොවැම්බර් අග භාගයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 640දෙනෙකු දක්වා ඉහළ ගොස් තවත් පුද්ගලයින් 211දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කල නවතම වාර්තාවේ සදහන් වෙනවා.
එහි සදහන් වන්නේ පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රදවා සිටින බවයි.
මේ අතර යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන්කලා.
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
තවද බදුල්ල මහනුවර කෑගල්ල මාතලේ නුවරඑළිය රත්නපුර දිස්ත්‍රික්ක රැසක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.
මේ අතර හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදි කර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද දින තත්වයට පත් කර තිබෙනවා.
දිට්වා සුලි කුණාටුවත් සමග එම පාලම පසුගිය 29 වන දින ගිලා බැසීමට ලක් වූ නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එදින සිට ඊයේ දින දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා.
ශ්‍රී ලාංකා යුධ හමුදාවේ පල්ලේ කැලේ පිහිටි 31වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මීටර් 15ක දිගකින් යුත් යකඩ පාලමක් මේ වන විට එහි සවි කර තිබෙනවා.
ඒ අනුව අද දින සිට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වයට පත් කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කලේ.
මේ අතර පසුගියදා ආපදාවට ලක්වී වසා දමා තිබූ හාලිඇල කන්දකැටිය මාර්ගයේ වාහන ධාවනය ද මේ වන විට යථාතත්වයට පත්කර තිබෙනවා. මේ අතර පසුගිය දිනවල අද හැදුනු අධික වර්ෂාව නිසා මහවැලි ද බි කලාපයට අයත් අරලගන්විල ප්‍රදේශයේ ගොවීන්ද පීඩාවට පත්ව සිටිනවා
ඔවුන් මෙසේ පීඩාට පත්ව සිටින්නේ කුඩා ඔය අමුණ පිටාර ගැලීමෙන් වගා භූමි ජලයෙන් යටවීම හේතුවෙන්
එම නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ඔවුන්ට සාධාරණයක් සිදු කරන ලෙසයි.
මේ අතර මාතලේ අඹන්ගඟ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියාව රහිතලාව පාලම ගංවතුරට ගසාගෙන යෑමෙන් ගම්මාන හතක පවුල් දාහසක් පමණ ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගැන්මට යාමේ දී විවිධ අපහසුතාවන්ට පත්වන බව ඔවුන් පවසනවා. මේ අතර පැවති සහ පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් සංචාරක කර්මාන්තයටද යම් බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරය ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති සමීර සේනක ද සිල්වා පවසනවා.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 640දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලා
එම මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගලයින් 211දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 473,138 කට අයත් 1,637,960දෙනෙකු ඉන් පීඩාවට පත්ව ඇති අතර ඉන් පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රදවා සිටිනවා.
පැවති ආපදා වලින් පූර්ණ නිවාස හානි 5,713ක් සිදුව ඇති අතර තවත් නිවාස 104,805කට අර්ධ හානි සිදුව ඇති බව ද එම නිවේදනයේ සදහන්.
මේ අතර දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී තරංග ආකාරයේ කැලඹීම්, අඩුපීඩන කලාප සහ අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම ඊසාන දින මෝසම සක්‍රියවීමත් සමග උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත්කල නිවේදනයේ සදහන්.
මේ අතර අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.





