මේ වසර තුළ බලපෑ දරුණුතම සුළි කුණාටු අතරින් එකක් වන කල්මේගි හි බලපෑමෙන් මධ්යම පිලිපීනයේ මියගිය ගණන 114ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ලක්ෂ හතරක පමණ පිරිසක් ආපදාවට පත්ව ඇතැයි එරට බලධාරින් පවසනවා.
මේ වසරේ පිලිපීනයට බලපෑ 20 වැනි සුළි කුණාටුව මෙයයි.
කල්මේගි කුණාටුව මේ වන විට වියට්නාමය දෙසට ගමන් කරමින් තිබෙනවා





