නාවික හමුදාවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී මුලතිව්, පුදුමාතලන් වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රැම් 140 යි ග්රෑම් 460 ක් සිය භාරයට ගෙන තිබෙනවා
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා මෙම කේරළ ගංජා තොගය වැටලීම කරන අවස්ථාවේ කැබ් රථයක පටවාගෙන රැගෙන යාමට සූදානම් කර තිබූ බව පොලිසිය පැවසුවා.
වැටලීම කරන අවස්ථාවේ පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.
කොළඹ කොටුව ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට දී ඊයේ රාත්රී හදිසි ගිනි ගැනීමකට ලක් වූ ත්රි රෝද රථයක් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවා දමනු ලැබුවා.
ගාල්ල මහජන පොළ භූමියේ පිහිටි නගර සභාවට අයත් කඩ කාමර සංකීර්ණයේ හටගත් ගින්නක් මහ නගර සභා ගිනි නිවීම් ඒකකය, පොලිසිය සහ අවට පිරිස් එක්ව නිවා දැමුවා.





