ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු 6ක ජයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
තරගාවලියේ දේශීය නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්රීම් වෙතයි.
දිල්ලි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින්, පළමුවෙන් පන්දුවට පහර දීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට ඔවුන් සමත් වුණා.
මුම්බායි ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ සූර්ය කුමාර් යාදෙව් පන්දු 36කින් ලකුණු 51ක් රැස් කර ගත්තා.
රෝහිත් ශර්මා ලකුණු 35යි.
පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් කඩුළු 2ක් දවා ගත්තා.
ලකුණු 163ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළදී සිය ජයග්රාහී කඩයිම පසු කළා.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැළුණු සමීර් රිස්වී පන්දු 51ක් තුළදී ලකුණු 90ක් රැස්කර ගත්තා.
පැතුම් නිස්සංක පන්දු 30කින් ලකුණු 44 යි.
මෙම ජයත් සමග ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය කරා පැමිණීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා.





