මිහින්තලය රජමහා විහාරාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සිය ප්‍රතිරූපයට හානිවන අන්දමින් විවිධ මාධ්‍ය ඔස්සේ පල කෙරෙන අන්තර්ගතයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ‌ෙඑතිහාසික මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කළා.
මහා සංඝරත්නය, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් මිහින්තලය විහාරාධිපති හිමියන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළට පැමිණ සිටියා.

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
යම් සංවිධානාත්මක පිරිසක් විවිධ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සිය ප්‍රතිරූපයට හානිවන අන්දමින් අන්තර්ගතයන් පල කරන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් උන්වහන්සේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

මේ අතර පසුගිය දා අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කරන පිරිස් ඉලක්ක කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළට පැමිණ සිටි භික්ෂූන් වහන්සේ ඒ සම්බන්ධයෙන් ද ප්‍රතිචාර දැක්වූවා. මේ අතර ‌ෙඑතිහාසික මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ප්‍රවෘත්ති සාක්ච්ඡාවක්ද කැඳවා තිබුණා.

Share