සිය ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුකාරවරයා අපොහොසත් වීම හමුවේ සියලුම අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය පවසනවා.
පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළපුරුදු ගිලන් රථ රියදුරන් 41 දෙනෙකු වෙනත් රාජ්‍ය ආයතනවලට ස්ථාන මාරු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ගනු ලැබූ තීරණයට විරෝධය පළකරමින් එම සංගමය ඊයේ සිට මහනුවර නගරයේ විරෝධතාවක ද නිරතව සිටිනවා.
මධ්‍යම පළාත් ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කර මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ ඊයේ උදෑසන සිටයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ගත් තීරණයක් මත 2026 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළපුරුදු ගිලන් රථ රියදුරන් 41කු වෙනත් රාජ්‍ය ආයතනවලට ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙනවා.
ආණ්ඩුකාරවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී සාධනීය ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද පස්වරුවේ සිට අත්‍යාවශ්‍ය සේවාවලින් ඉවත්වීමට ඔවුන් තීරණය කළා.
මෙම ගැටලුව අද පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට ලක්වුණා.




