ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ එය ඇතුළත් සන්ධාන ප්‍රාන්ත මැතිවරණ හතරෙන් දෙකක් ජයග්‍රහණය කරනු ඇතැයි මත විමසුම්වලින් පෙන්නුම් කර ඇතැයි රොයිටර්ස් වාර්තා කරනවා.
එය රට පුරා පක්ෂයේ ආධිපත්‍යය ශක්තිමත් කරන අනපේක්ෂිත ජයග්‍රහණයක් බව රොයිටර්ස් වාර්තාවේ සඳහන්.
2024 මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බොහෝ ප්‍රාන්ත මැතිවරණ ජයග්‍රහණය කර තිබෙනවා.
නැගෙනහිර ඇසෑම් සහ බටහිර බෙංගාලයේ මෙන්ම දකුණේ, කේරළ සහ තමිල්නාඩු දකුණු ප්‍රාන්ත සහ පුදුචෙරි ෆෙඩරල් පරිපාලන ප්‍රදේශය යන සියල්ලෙහිම නව ආණ්ඩු තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ඡන්ද විමසීම බදාදා අවසන් වූ අතර ඡන්ද ගණන් කිරීම මැයි වැනිදා සිදු කර එදිනම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙනවා.
බීජේපී නායකත්වයෙන් යුත් සන්ධානයක් පසුගිය වසර 10 තුළ ඇසෑම් පාලනය කර ඇති අතර මෙවර ද පහසුවෙන් බහුතරයක් දිනා තුන්වන වරටත් අඛණ්ඩව බලයට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
බටහිර බෙංගාලයේ, පාලක ත්‍රිණමූල් කොංග්රස් පක්ෂයට එරෙහිව තියුණු සටනක නිරත වූ BJP ය අනපේක්ෂිත ජයක් ලබනු ඇති බවයි මත විමසුම් පෙන්වා දෙන්නේ.
ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මෝටර් රථ සඳහා ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානයක් වන තමිල්නාඩුවේ, පාලක ප්‍රාදේශීය DMK පක්ෂයේ සන්ධානය අඛණ්ඩව දෙවන වරටත් ජයග්‍රහණය කරනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
කොමියුනිස්ට්වාදීන් විසින් පාලනය කරන ලද එකම ප්‍රාන්තය වන කේරළයේ, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය සහ එහි සහයක පක්ෂ, කොංග්රස් පක්ෂය නායකත්වය දෙන විපක්ෂ සන්ධානයකට පරාජය වීමට ඉඩ ඇති බව මත විමසුම්වලින් පෙනී යනවා.





