සමගි ජන බලවේගය යටතේ පාලනය වන බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් අලුත්ගම සති පොළ භූමිය විකිණීමට ගෙන ඇති තීරණයට එරෙහිව අද විරෝධතාවක් පැවැත්වුණා.
විරෝධතාකරුවන් පිරිසකට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණු අතර එම සාකච්ඡාව ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.
සාකච්ඡාව අතරතුර ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් ආනන්ද මහතා එම සාකච්ඡාවට සහභාගි වීම සඳහා සභාපතිවරයාගේ කාර්යාලට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී එම ස්ථානයේ සිටි වැලිපැන්න පොලිසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු එය වැළැක්වීමත් සමග දෙදෙනා අතර බහින් බස්වීමක් සිදු වුණා.
සාකච්ඡාවෙන් අනතුරුව අලුත්ගම සතිපොළ මාස තුනක කාලයකට පවත්වාගෙන යාමට බේරුවල ප්‍රාදේශීය සභාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දුන්නා.





