බ්‍රිතාන්‍යයේ වසර 15කට පසුව සරත් සෘතුවක වාර්තා වූ සීතලම දිනය ඊයේ රාත්‍රීයේ උදාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ස්කොට්ලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 12.6ක් දක්වා පහත වැටී තිබෙනවා.
වේල්සයේ උෂ්ණත්වය සෘණ 7.2ක් දක්වා ද උතුරු අයර්ලන්තයේ උෂ්ණත්වය සෘණ 6ක් දක්වා ද එංගලන්තයේ උෂ්ණත්වය සෘණ 6.7ක් දක්වා ද පහත වැටී ඇතැයි සඳහන්.





