බ්‍රසීල කම්කරු අමාත්‍යාංශය චීනයේ BYD සමාගම අසාදු ලේඛනගත කරයි

ලොව විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන චීනයේ BYD සමාගම බ්‍රසීල කම්කරු අමාත්‍යාංශය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා.
ඒ බ්‍රසීලයේ ඊසානදිග බහියා ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින මෝටර් රථ කර්මාන්ත ශාලාවක සේවය කළ චීන ජාතිකයින් 163 දෙනෙකු අතිශය දුෂ්කර සහ වහල් සේවයට සමාන තත්ත්වයන් යටතේ සේවය කරන බවට 2024 වසරේ කළ වැටලීමකදී අනාවරණ වූ තොරතුරු මතයි.
කෙසේවෙතත් බ්‍රසීල කම්කරු අමාත්‍යාංශය විසින් චීනයේ BYD සමාගම අසාදු ලේඛනගත කිරීම චීනය සහ බ්‍රසීලය අතර පවතින ආර්ථික සබඳතාවලට මෙන්ම BYD සමාගමේ ජාත්‍යන්තර කීර්තිනාමයට ද දැඩි පහරක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මැදපෙරදිග පවතින ඉරාන යුද වාතාවරණය සහ ලෝක බලශක්ති අර්බුදය හමුවේ විද්‍යුත් වාහන සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති මොහොතක මෙවැනි ප්‍රබල චෝදනාවක් එල්ල වීම විශේෂත්වයක්.

Share