බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් පෙබරවාරි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇතැයි රොයිටර්ස් සමග පැවති සාකච්ඡාවක දී පවසා තිබෙනවා.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයේ කටයුතු සම්බන්ධයෙන් තමාට නින්දාවක් දැනුණු බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.
රාජ්‍ය නායකයා ලෙස, ෂහාබුදීන් සන්නද්ධ හමුදාවන්හි අණදෙන නිලධාරියා වන නමුත්, එම භූමිකාව බොහෝ දුරට චාරිත්‍රානුකූල වන අතර, විධායක බලය රටේ අගමැති සහ කැබිනට් මණ්ඩලය සතුයි.
යූනුස් මාස හතකට ආසන්න කාලයක් තමා හමුවී නොමැති බවත්, සැප්තැම්බර් මාසයේදී තමන්ගේ ඡායාරූප ලොව පුරා බංග්ලාදේශ තානාපති කාර්යාලවලින් ඉවත් කර ඇති බවත් ජනාධිපතිවරයා රොයිටර්ස් සමග සාකච්ඡාවේ දී පවසා තිබෙනවා.
“ජනාධිපතිවරයා ඉවත් කිරීමට යන බවට වැරදි පණිවිඩයක් ජනතාවට යවනවා. මට ගොඩක් නින්දාවක් දැනුණා.” ජනාධිපති ෂහාබුදීන් පවසනවා.
වසර 20 ක් රට පාලනය කළ අගමැති ෂෙයික් හසීනා පලා ගිය පසු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළේ දැයි විමසූ විට, ජනාධිපතිවරයා ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මොහොමඩ් ෂහාබුදීන් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ නාමිකයෙකු ලෙස 2023 දී වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරයට තේරී පත් වුණේ නිතරගයෙන්.





