ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට සමගාමීව “පොදු අරමුණකට අපි එකට ” යන මැයින් ජාතික පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ කාන්තා දින සැමරුම් උත්සවය ඊයේ පැවැත්වුණේ පන්නිපිටිය දෙව්රම් වෙහෙර ශ්‍රවණාගාරයේදී.
මෙරට පෙර පාසල් ගුරුවරියන් 750 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ හතරක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් තෝරා ගත් කිහිප දෙනෙකුට ඊට අදාළ ලේඛන පිරිනැමුණා.
ජාතික පෙර පාසැල් ගුරු වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.





