පිපිරුණු පිපිරිල්ල

හවායි හි පිහිටා ඇති කිලවෙයා ගිනි කන්ද අද නැවතත් පුපුරා ගොස් තිබෙනවා.
එහි කඳු මුදුනේ ආවාට තට්ටුවේ කොටසක් හරහා අඩි 1000ක උසකින් යුත් ලාවා තට්ටුවක් පැය 5 කට ආසන්න කාලයක් වාතයට විදින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිලවෙයා හි ලාවා විධාරණය වෙමින් පවතින අතර එය ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් ලෙසයි සැලකෙන්නේ.
හවායි ගිනි කඳු ජාතික වනෝද්‍යානයේ මෙම පිපිරීම සිදුවන ප්‍රදේශය වසර 2007 සිට මහජනතාවට වසා දමා ඇති ප්‍රදේශයක්.
මේ හේතුවෙන් නිවාස හෝ යටිතල පහසුකම් සඳහා කිසිදු තර්ජනයක් නොමැති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
කිලවෙයා හවායි දූපතේ විශාලතම ගිණි කන්දයි.


Share