පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු?

මීට පෙර පැවති රජයන් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළිකිරීම පැහැදිලි හා සාධාරණ විමර්ශනවලින් තොරව සිදුකිරීමට උත්සහ කළ බව සමාජ හා සාමයික කේන්ද්‍රයේ සාමාජික ජුලියට් පැට්‍රික් පෙරේරා පියතුමන් පවසනවා.
පිවිතුරු හෙළ උරුමයෙ නායක, උදය ගම්මන්පිළ 31 වැනිදා හෙළිදරව් කිරීමට නියමිත බව කියන පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සම්බන්ධයෙන්ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පියතුමා අදහස් දැක්වූවා.

පසුගියදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිවිතුරු හෙළ උරුමයෙ නායක, උදය ගම්මන්පිළ විශේෂ අනාවරණයක් කළා.
ඒ, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුරුද යන්න සියලුම සාක්ෂි සහිතව තමන් ලබන 31 වැනිදා රටට හෙළිදරව් කරන බවයි.

කෙසේ වෙතත් මෙම අනාවරණය සිදුකළ දා පටන්ම එය දැඩි කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වුණා.
මේ සම්බන්ධයෙන් සමාජ හා සාමයික කේන්ද්‍රය ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උදය ගම්මන්පිළ විසින් සිදුකිරීමට නියමිත අදාළ හෙළිදරව්ව පිළිබඳව සිය අප්‍රසාදය පලකළා.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් උත්තානය වීම සිහි කෙරෙන පාස්කු ඉරිදාවේ, මෙරට කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන, තරු පන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකුට දිවි අහිමි වී, තවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් සදාකාලික අබාධිත තත්ත්වයට ලක්ව සිටිනවා.

Share