පස්වරු දෙක දක්වා පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරිමට ගෙන ඇති තීරණයට ක්රියාත්මක වන්නේ පහ ශ්රේණියේ සිට 13 ශ්රේණිය දක්වා පමණක් බව අධ්යාපන අමාත්යාංශය පවසනවා
ලබන වසරේ සිට ක්රියාත්මක නව අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්යංශ ලේකම් නාලක කළුවැව මහතා අවධාරණය කළේ එම තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව ද සංශෝධනය වනවා.
කෙසේ වෙතත් පලමු ශ්රේණිය සහ දෙවන ශ්රේණිය පන්ති පෙරවරු 07.30 සිට පෙරවරු 11.45 දක්වා පෙර පරිදි පැවැත්වෙනු ඇති.
3 වන ශ්රේණිය සහ 4 වන ශ්රේණි පන්ති පැවැත්වෙන්නේ උදෑසන 07.30 සිට පස්වරු 01 දක්වායි.
පහ ශ්රේණියේ සිට 13වන ශ්රේණිය දක්වා පන්ති පැවැත්වෙන කාලසීමාව පෙරවරු 07.30 සිට පස්වරු 2.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
නාලක කලුවැව – ලේකම් – අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යංශය
පළාත් 09 තුළ ගුරුවරු 10,3665 දෙනෙක් පුහුණු කිරිමට සියලු කටයුතු සූදානම්
පළමු ශ්රේණියට සහ හයවෙනි ශ්රේණියට අදාළ මොඩියුල 106 ක් මුද්රණයේ අවසාන අදියරයේ පවතිනවා
2026 ජනවාරි 01 වනදා වන විට මොඩියුල ලැබිය යුතු සියලු දරුවන්ට ලබා දෙනවා
පෙළපොත් අවශ්ය දරුවන්ට පෙළපොත් ලබා දෙනවා
පාසල් කාලය පස්වරු 2 දක්වා සංශෝධනය වුණා
2026 වසරේ සිට 1 ශ්රේණියේ සහ 06 ශ්රේණිය පමණක් අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කරනවා.
අනෙකුත් ශ්රේණි සඳහා අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක නොකළත් කාල පරිච්ඡේද 07ම ක්රියාත්මක වනවා
කෙසේ වෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමේ තීරණයට අධ්යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිතිවලින් එල්ල වන්නේ දැඩි විරෝධයක්.





